කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද හමුවක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ පා සිටින පොදු ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින් පසුගිය දා කෑගල්ලේ දී සංවිධානය කරන ලද රණවිරු දිස්ත්‍රික් ජංගම වැඩසටහනේදී කටයුතු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ ජංගම වැඩසටහනේදී රණවිරු පවුල් 250ට ආසන්න පිරිසකගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කටයුතු කරන ලදී.
මෙම අවස්ථාවේදි කෑගල්ල දිස්ත්‍රික්කයේ හඳුනාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා අවශ්‍ය ආබාධිත සහයක උපකරණ ලබාදීම ද සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කලේය.
රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් සහ ප්‍රදේශීය රාජ්‍ය යාන්ත්‍රණය නියෝජනය කරන නිලධාරීන් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සම්බන්ධ විය.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, හමුදා සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ, පළාත් ව්‍යාපෘතිභාර නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ, සබරගමුව පළාතේ නියෝජ්‍ය අධ්යක්ෂ රෝහණ විජේරත්න ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.