එක්සත් රාජධානියේ රණවිරු අරමුදලෙන් රු 157,270.96 ක් වටිනා කෘතීම පාදයක් පරිත්‍යාග කරයි
රණවිරු සේවා අධිකාරිය විසින් එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක රණවිරු අරමුදලෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී ආබාධිත තත්වයට පත් වූ සෙ/511152 බනි 11 මනෝජ් W.R රණවිරුවාගේ පුතණුවන් වන W.V.D දහමික යන දරුවා වෙත කෘතිම පාදයක් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ කාර්යාලයේදී පවත්වන ලදී.
කොළඹ 7, ඩී.එස් සේනානායක විදුහලේ 8 වන වසරේ ඉගෙනුම ලබන පිහිනුම් ක්‍රීඩකයෙකු වශයෙන් විශේෂ දක්ෂතාවයන් පෙන්නුම් කරන මෙම 14 වන වියේ පසුවන රණවිරු දරුවා වෙත අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ රණවිරු අරමුදලට (Ranaviru Fund - www.ranavirufund.org) වෙත අපගේ ගෞරවණීය ස්තුතිය පුදකර සිටිමු. රණවිරු අරමුදල එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ සිට වසර 15 අධික කාලයක් පුරා ක්‍රියාත්මක එරට රජයේ ලියාපදිංචි පුණ්‍ය ආයතනයකි.
යුධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය මගින් මෙම කෘතිම පාදය සෑදීමේ කටයුතු නිමලකල අතර ඒ සදහා රණවිරු පදනම මගින් ලබාදුන් රු.157,270.96 මුදල බැරකරන ලදී.
රණවිරුවන් හා එම පවුල් වල දරුවන් වෙනුවෙන් එක්සත් රාජධානිය මූලිකව ලොවපුරා විසිරුණු රණවිරු අරමුදලේ සියළුම සාමාජික සාමාජිකාවන් මගින් නිරතුරුවම දක්වන සහයෝගය ඉතා අගය කර සලකන අතර තව තවත් මෙවැනි කටයුතු කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු.