රණවිරු දරුවන් වෙනුවෙන් ජීවන උපදේශන වැඩසටහන් මාලාවකට පියවර තබයි
රණවිරු සේවා අධිකාරිය යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව ව්‍යාපෘති අංශය ඔස්සේ ක්‍රියාත්මක වන රණවිරු දූ දරු අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධව සිටින දූ දරුවන්ට අවශ්‍ය වන අධ්‍යාපන සහ වෘත්තීය උපදේශනයන් ලබා දීම අරමුණු කර ගත් විශේෂ ව්‍යාපෘතියක මූලික සාකච්ඡාවක් අද දින (15, සැප්තැම්බර්) රණවිරු සේවා අධිකාරියේ මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කළේය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර විශ්‍රාමික මහතාගේ ආරාධනයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
රණවිරු දරුවන් සඳහා උපදේශනය ලබා දීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර 2023 සැප්තැම්බර් මස 27 වන බදාදා පස්වරු තුනට Zoom තාක්ෂණය ඹස්සේ පැවැත්වීමට නියමිතයි. මෙම මෙම මූලික වැඩසටහන සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් රණ විරු දරුවන් පනස් දෙනෙකුට (50) ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතව ඇත.
රණවිරු දරුවන් අට දෙනෙකු සඳහා තම පුද්ගලික මුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව හිමි ගන්වා ඇති සරෝජනී මුණසිංහ මහත්මිය සහ හේමාල් මුණසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා මෙම වැඩසටහන සම්පත් දායකයෙකු ලෙස මෙහෙයවීමට කටයුතු කරයි.
ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා බාහිර කථිකාචාර්ය වරයෙකු වශයෙන් නීති පීඨය කොළඹ විශ්ව විද්‍යාලය,විවෘත විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ APIIT නීති පාසලේ කටයුතු කරනු ලබයි. එමෙන්ම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය, සෞන්දර්ය විශ්ව විද්‍යාලය කොළඹ සහ දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ගම්පහ පාලක සභිකයකු වශයෙන් ද එතුමන් කටයුතු කරනු ලබයි. ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ අණදෙන නිලධාරියෙකු මෙන්ම
සමාගම් උපදේශක සහ නායකත්ව පුහුණු උපදේශකයකු ලෙස කටයුතු කරන ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.