පොළොන්නරුව රණවිරු ව්‍යවසායකත්වයට සවියක්
රණවිරු සේවා අධිකාරියේ හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය මගින් එම අංශයේ සහකාර අධ්‍යක්ෂිකා D.M ඩිලානි මැණිකේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද ව්‍යාපාරික වැඩ මුලුව 2023.09.19 දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
මේ සදහා ව්‍යවසායක රණවිරුවන් 30 දෙනෙක් සහභාගි විය. මෙහිදී ව්‍යාපාර ගැන දැනුවත් කිරීම, කළමනාකරණය, අන්තර්ජාලය සහ අලෙවිකරණය
පිළිබඳව රණවිරුවන් දැනුවත් කරන ලදී.
මීට අමතරව දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ ව්‍යාපාරික රණවිරුවන් ලියාපදිංචිය ද සිදුකරන ලදී.