රණවිරු දරුවන්ගේ අධ්‍යාපනයට ඉතාලියේ නව දොරටු විවර වෙයි....
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක බ්‍රෙෂියා බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වතෝගල ධම්මික නාහිමි පානන් අද දින (2023 සැප්තැම්බර් මස 25) රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට වැඩම කරවන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් රණවිරු දූ දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යාපන අවස්ථා සඳහා පිරිනමන ශිෂ්‍යත්ව වැඩ සටහනේ වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සහ ඉදිරියේදී තව තවත් ඉතාලිය වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය මත රණවිරු දූ දරුවන් හට ශිෂ්‍යත්ව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු ද සාකච්ඡා කරන ලදී.
රණවිරු දූ දරුවන් සවිබල ගන්වමින් ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් ආධාර උපකාර සිදුකරන ඉතාලියේ බ්රිෂියා විහාරාධිපති ප්රමුඛ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ නොමසුරු සහයෝගය තවදුරටත් අපි අපේක්ෂා කරන්නෙමු.
රණවිරු සේවා අධිකාරියේ සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, ශිෂ්‍යත්ව වැඩසටහන් අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී රණවිරු දූ දරුවන්ගේ හෙට දවස වඩාත් ඵලදායී දවසක් බවට පරිවර්තනය කරන්නට ප්‍රාර්ථනා කරමින් සාකච්ඡාව අවසන් කරන ලදී.