අම්පාරට රණවිරු ජංගම සේවයක්......
රණවිරු සේවා අධිකාරිය මගින් 2020 වසරේ වැඩසටහන් සැලසුම අරමුණු කර ගනිමින්
ලංකාව පුරා පිහිටුවා ඇති රණවිරු සංසදයන්හි සමාජිකයන්ගේ අවශ්‍යතා සොයා බලා ඊට
කඩිනම් පිළියම් යෙදීම පිණිස සංවිධානය කල රණවිරු ජංගම සේවා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් 2020 සැප්තැම්බර් මස 17 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
සභාපතිතුමාගේ උපදෙස් අනුව අධ්යක්ෂ තුමාගේ අධීක්ෂණය මත රණවිරු සේවා
අධිකාරියේ නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ රෝහණ විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් අම්පාර දිස්ත්‍රික් නිළධාරිනී තරණි නිවර්තිකා මෙනවිය විසින් ජංගම සේවය සංවිධානය කරන ලදී.
රණවිරු පවුල් අවශ්‍යතා සොයා බලා ඒ සම්බන්ධයෙන් කටුයුතු කිරීම පිණිස දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් සටන් වැදි සිය ශරීරාංග පුද කල යුධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් 06 දෙනෙකු සඳහා අත්වාරු පරිත්‍යාගයක්ද
පොලිසියේ රණවිරුවන් 02 සදහා රෝදපුටු පරිත්‍යාගයක්ද ප්රදානය කරන ලදී. තවද
රණවිරු දරුවන් 28 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්රධානයක්ද පිරිනමන ලදී.
මෙම වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එ. බණ්ඩාරනායක මහතා ද
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා, අධ්යක්ෂ තුමා ඇතුලු කාර්ය මණ්ඩලය,
රණවිරු සෙවණ, වැටුප් හා ලේඛණ අධ්යක්ෂ මණ්ඩලය, හැටන් නැෂනල් බැංකුව, නිවාස
සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි නියෝජිත නිලධාරීන් සහාභාගී වන ලදී.