රණවිරු දරුවෙකුට සනීපාරක්ෂක උපකරණ පරිත්‍යාග කෙරේ
ගුවන් හමුදා සේවයේ නියුතුව සිටියදී රිය අනතුරකට භාජනය වීමෙන් මිය ගිය රණවිරුවකුගේ උසස් අධ්‍යාපනය හදාරන රෝගාතුරව පසුවන දරුවෙකුට මසකට අවශ්‍ය සනිපාරක්ෂක උපකරණ කට්ටලයක් එම දරුවාගේ මව වෙත පරිත්‍යාග කිරීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී සිදු කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමන්ගේ බිරිඳ වන රේඛා සේනාධීර මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන නිලන්ති රේනුකා ගමගේ මහත්මියගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම සනීපාරක්ෂක උපකරණ රණවිරු දරුවාගේ මව වෙත ප්රදානය කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි විය.