පුත්තලම් දිස්ත්‍රික්කයේ රණවිරුවන්ගේ ඉඩම් ගැටලු විසඳීමට පියවර

පුත්තලම් දිස්ත්‍රික්කයේ රණවිරුවන්ගේ ඉඩම් ගැටලු විසඳීම සඳහා මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉඩම් කච්චේරිය වැඩ සටහන තුළින් කටයුතු කරන ලදී.

පුත්තලම් දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරිනී මනෝරි කුමාරී මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම ඉඩම් ගැටලු නිරාකරණය කිරීමේ වැඩසටහන සඳහා රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල ළඟම ඥාතීන් කීප දෙනෙකුද සහභාගී විය.