රණවිරු දරුවන් සදහා වෘත්තීය මාර්ගෝපදේශනයක්
රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව අංශය ඔස්සේ ක්‍රියාත්මක වන රණවිරු දූ දරු අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධව සිටින දරුවන්ගේ අ.පො.ස උසස් පෙළ හදාරන දරුවන් මූලික කරගත් අධ්‍යාපන සහ වෘත්තීය උපදේශනයන් ලබා දීමේ විශේෂ ව්‍යාපෘතියක සමාරම්භක වැඩසටහන 2023 ඔක්තෝම්බර් මස 04 දින ප.ව.3.00 ට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීය.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ආරාධනයෙන් මෙම විශේෂ වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා විසිනි.
රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව අංශ ප්‍රධානී සුරේඛා ප්‍රනාන්දු මෙනවිය ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට සම්බන්ධව සිටින දිවයින පුරා විසිරී සිටින රණවිරු දරුවන් 65 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මෙම සමාරම්භක අවස්ථාවට සහභාගි විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් රණවිරු දූ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ප්රතිලාභ ලබන රණවිරු දරුවන් සදහා සංවිධානය කරන ලද මෙම විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සඳහා අනෙකුත් රණවිරු දරුවන් සදහා ද අවස්ථාව සලසා දෙන ලදී.
ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා දැනට නීති පීඨය කොළඹ විශ්ව විද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය කොළඹ, ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ APIIT නීති පාසලේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරයි.
එමෙන්ම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය,සෞන්දර්ය විශ්ව විද්‍යාලය සහ ගම්පහ දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පාලක සභිකයකු වශයෙන් ද කටයුතු කරනු ලබන ප්‍රවීණ වෘත්තිය වේදියකු වේ.
එමෙන්ම ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ අණදෙන නිලධාරි වරයෙකු වශයෙන් සහ සමාගම් උපදේශක සහ නායකත්ව පුහුණු උපදේශකයකු ලෙසින් කටයුතු කරන ඒ මහතා ප්‍රවීණ දේශකයෙකි.
රණවිරු සේවා අධිකාරියේ සුභසාධක ව්‍යාපෘතීන් සඳහා නිරන්තරයෙන් දායකත්වය සපයන පරිත්‍යාගශීලී සරෝජිනී මුණසිංහ මහත්මිය සහ හේමාල් මුණසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක, හමුදා සම්බන්ධිකරණ නිළධාරි ලුතිතන් කර්නල් රක්ශික ලියනගේ, නියෝජ්‍ය අධ්යක්ෂ වරුන් සහ අංශ ප්‍රධානීන් කිහිප දෙනෙක් ඇතුළු වැඩසටහන් නිලධාරීන් සහභාගි විය.