ඉපලෝගමට වෛද්‍ය සායනයක්

ඉපලෝගම රණවිරු සංසදයේ සාමාජික සාමාජිකාවන් සඳහා හෙළවිරු සුව ධරණි ආයුර්වේද වෛද්‍ය සායනය 2023/10/18 දින ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී සෞඛ්‍ය සහ යහපැවැත්ම මැයෙන් වටිනා දේශනයක් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අමාලි ගීතාංජලී මහත්මිය විසින් සිදුකරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිළධාරිනී නෙලුම් කුමාරි මහත්මියගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම වෛද්‍ය සායනය සදහා අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අධ්‍යක්ෂ ආනන්ද සමරනායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.