රණවිරු දත්ත පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කෙරේ
රණවිරු සේවා අධිකාරියේ ආරම්භයේ සිට මේ දක්වා සිදුකරන ලද විවිධ ව්‍යාපෘතීන් වලට අදාල දත්ත එකම අවකාශයක මධ්‍යම දත්ත ගොනුවක් ලෙස නිර්මාණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 15 වන බදාදා දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විය.
රණවිරු සේවා අධිකාරියේ සහ සෙනෙහස අධ්‍යන කොන්ද්රයේ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී මේජර් අනෝජ් ද සිල්වා විසින් මධ්‍යම දත්ත පද්ධතියක් නිර්මාණය කිරිම සදහා තව දුරටත් සිදු කල යුතු ක්‍රියාකාරකම් ඇතුලත් සැලැස්මක් සභාපති තුමන් ප්රමුඛ යුද සහ ගුවන් හමුදා තොරතුරු තාක්ෂන අංශ ප්‍රධානීන් හමුවේ ඉදිරිපත් කරන ලදි.
යුද සහ ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශයන්හි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී මධ්‍යම තොරතුරු පද්ධතිය කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කරුණු සමාලෝචනය කරන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලීන් මැදිවක, යුද හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ බ්‍රිගේඩියර් නන්දන වීරතුංග, ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ ගෘප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි සහ රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ගුණදාස හේමචන්ද්‍ර මහතා ඇතුළු නිළධාරීන් මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.