දෑත් අහිමි රණවිරුවන්ට ස්වයංක්‍රීය කෘතිම අත් ලබා දීම.

දේශයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් වැදි සිය ශරීරාංග පුදකරමින් වැලමිටෙන් පහළ දෑත් අප්‍රාණික වීම මත ආබාධිත තත්වයට පත් රණවිරුවන් සඳහා ස්වයංක්‍රීය කෘතිම අත් සවි කිරීම සඳහා ඔවුන්ගේ මාංශපේෂී ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරමින් එම ස්වයංක්‍රීය අත් ඔවුනට කොතරම් දුරට උචිතද යන්න පරීක්ෂා කිරීම 2020.09.04 දින රණවිරු සේවා අධිකාරි පරිශ්‍රයේ දී සිදු කරන ලදී.