රණවිරු සේවා කාර්ය මණ්ඩලය වෙත පෞරුෂ සංවර්ධන පුහුණුවක් ලබා දෙයි

රණවිරු සේවා අධිකාරියේ කාර්යය මණ්ඩලය සඳහා පැවැති වර්ෂ අවසාන පෞර්ෂත්ව සංවර්ධන පුහුණු වැඩසටහන 2023 නොවැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා දින කුකුලේග‍ඟ ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සේවයේ නියුතු ස්ථිර සහ අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සියලු සාමාජිකයන් සඳහා පැවති මෙම පෞර්ෂත්ව සංවර්ධන සහ නායකත්ව ගුණාංග දියුණු කිරීමේ වැඩමුළුවේ දී විශේෂ ආරාධිත දේශකයන් විසින් පෞරුෂ සංවර්ධනය, නායකත්වය, මානසික සංවර්ධනය සහ වඩා යහපත් රාජකාරි පරිසරයක් නිර්මාණය කර ගැනීම ආදී කරුණු පිළිබඳ උපදේශනය සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපති, මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ සංකල්පයක් මත සංවිධානය කරනු ලැබූ මෙම පුහුණු වැඩසටහන තුළදී රණවිරු සේවා අධිකාරියේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ කණ්ඩායම් හැගීම වර්ධනය කිරීම සහ නායකත්ව ගුණාංග සංවර්ධන කිරීමේ පුහුණු වැඩසටහන් වලින් සමන්විත වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලීන් මැදිවක ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි වන ලදී.