ලක්වම රිදියෙන් සැරසූ රණවිරු බලලත් නිලධාරි 11 අනිල් ප්‍රසන්නට රණවිරු සේවා අධිකාරියෙන්,උණුසුම් හර සර

චීනයේ හැන්සු නගරයේ 2023.10.20 වන දින සිට 2023.10.28 වන දින දක්වා පැවති 4 වන පැරා ආසියානු තරගාවලියේ ටී 63 කාණ්ඩයේ මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම දිනා මව් බිමට අභිමානයක් එක් කිරීමට රණවිරු බලලත් නිලධාරි 11 අනිල් ප්‍රසන්න ජයලත් සමත් විය.

ඔහු ලබා ගත් ජයග්‍රහනය වෙනුවෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උණුසුම් ශුභාශිංසන ඔහු වෙත අද දින පුද කර සිටින ලද අතර, එම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපති ලේකම් බ්‍රිගේඩියර් නලීන් මැදිවක සහ ක්‍රිඩා භාර නිළධාරි මේජර් රනිල් බලගල්ල සහභාගී වන ලදී.

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරන රණවිරු බලලත් නිලධාරි 11 අනිල් ප්‍රසන්න තම ඉදිරි සැළසුම් හා පුහුණුවීම් කටයුතු පිළිබඳ වැඩි දුර සාකච්ඡාවක රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ තුමන් සමග නිරත වන ලදී.