බිම්මල් හතු නිෂ්පාදනය ස්වයං රැකියාවක් ලෙස සාර්ථකව සිදු කරන රණවිරුවෙක්......
මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ශරීරාංග පුදකල වීරෝධාර රණවිරුවන් දැයේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සංකල්පයකට අනුව ආරම්භ කල වැඩසටහන් අතර රණවිරුවන්ගේ ස්වයං රැකියා ව්‍යාපෘති ප්‍රධාන වේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ හේනේගොඩැල්ල වත්ත, පලාවෙල යන ලිපිනයේ පදිංචි සිව්දරු පියෙකි. 2007.12.06 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදී 12 වන ගැමුණු බලකායේ සේවය කරමින් සිටියදී 2009.04.08 වන දින පුදුමතලන් වලදී තුවාල ලබා දැනට වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගෙන ඇත.
අවසන් මානුෂීය සටනේදී දිවිහිමියෙන් ක්‍රියා කරමින් පුදුමාතලන්හිදී රටදැය වෙනුවෙන් සටන් වැද සිය ශරීරාංග පුද කළ රණවිරු ජේ.ජී.එන්. වසන්ත රණවිරුවා ස්වකීය ධෛර්ය හා අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කරමින් ස්වයංරැකියාවක් ලෙස වසර දෙකක සිට බිම්මල් වගාව ඉතා සාර්ථක ලෙස කරගෙන යනු ලබයි.
රණවිරු සේවා අධිකාරියේ ස්වයං රැකියා ණය යටතේ රුපියල් 2,20000.00ක ණය මුදලක් ලබා ගෙන ඉන් බිම්මල් හතු නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍රයක් මිලදී ගෙන මෙම ව්‍යාපාරය වඩාත් පුළුල් ලෙස සිදු කරයි. ස්වකීය පදිංචි ප්‍රදේශයේ කේටරින් ආයතන සහ වෙළඳසැල් සඳහා මෙම බිම්මල් අලෙවිය සිදු කරමින් මසකට රුපියල් 15,000.00ක පමණ ශුද්ධ ලාභයක් උපයන බව පවසන අතර මෙම යන්ත්‍රය මිලදී ගැනීමත් සමඟම නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් වැඩි කරමින් වැඩි ආදායමක් උපයා ගැනීම රණවිරුවාගේ අධිෂ්ඨානශීලී අරමුණ වේ.
ස්වයං රැකියාව සඳහා නිරන්තරයෙන් තමන්ට දායක වන්නේ තම බිරිඳ බව පවසන ජේ.ජී.එන්. වසන්ත රණවිරුවා තම ස්වයං රැකියාවට සවිබල ගැන්වීම සඳහා රණවිරු සේවා අධිකාරිය ලබාදෙන සහයෝගය බෙහෙවින්ම අගය කරන ලදි.