රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් වසර හතරක සේවා කාලයකට සමුදෙමින් විශ්‍රාම දිවියට පිය නගයි

රණවිරු සේවා අධිකාරියේ සභාපති ධූරය හෙබවූ මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පි වීඑස්වී යුඑස්පී එන්ඩියු මහතා 2019.12.12 සිට 2023.11.26 දක්වා වසර හතරක කාලය තුල සමස්ත රණවිරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කරමින් පසුගිය දා විශ්‍රාම දිවියට පිවිසෙන ලදී.

එවකට සේනාධිනායක විසින් රණවිරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කිරීම සඳහා අවකාශ සලසමින් නිත්‍ය උප සේවයේ සිට සක්‍රීය සේවයට කැදවීමෙන් අනතුරුව වසර හතරක අති සාර්ථක සේවා කාලයක් ගෞරවනීය ලෙස නිමා කරමින් එතුමන් විසින් විශ්‍රාම දිවියට එළඹෙන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සුබසාධන ව්‍යාපෘතීන් වෙනුවෙන් තම දෙස් විදෙස් පුද්ගලික හිතමිතුරන්ගේ සහාය ලබාගනිමින් පුද්ගලික ධනය ද වැය කරමින් ව්‍යාපෘතීන් රැසකට අත හිත දුන් එතුමා විසින් රණවිරු සුබසාධනය නව මං පෙතකට යොමු කරන ලදී.

ගරු හිටපු සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාණෙනි රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී ඇතුළු කාර්ය මණ්ඩලයේ සහ සමස්ත රණවිරු ප්‍රජාවේ උණුසුම් සුබපැතුම්.