බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් අධ්‍යක්ෂ ධූරයට සමුදෙයි

රණවිරු සේවා අධිකාරියේ ප්‍රථම සක්‍රීය සේවයේ නියුතු අධ්‍යක්ෂවරයා ලෙස ඉතිහාසයට එක් වන බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා 2023 දෙසැම්බර් මස 06 වන දින රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ධූරයට සමු දෙනු ලැබීය.

යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරියේ නියුතු බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා 2023 ජූලි මස 24 වන දින සිට මේ දක්වා අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි ආවරණය කරන ලදී.