සෝනියා කෝට්ටේගොඩ මහත්මිය රණවිරු සේවා අධිකාරියේ නව වැඩ බලන සභාපතිනිය ලෙස රාජකාරී අරඹයි.

රණවිරු සේවා අධිකාරියේ නව වැඩ බලන සභාපතිනිය ලෙස දැනට උපසභාපතිනිය වශයෙන් මෙන්ම සෙනෙහස විශේෂ අධ්‍යාපන හා සම්පත් කේන්ද්‍රයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරිනිය වශයෙන් කටයුතු කරන සෝනියා කෝට්ටේගොඩ මහත්මිය පත් කර ඇත.

නව වැඩ බලන සභාපතිනිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ධූරයේ වැඩ ඇරඹීම ඉතා චාම් අයුරින් 2023 දෙසැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දිනයේ දී සිදුකරන ලදී.

බෞද්ධ ආගමික වතාවන් වලට මුල්තැන දෙමින් රාජකාරී ඇරඹීමෙන් අනතුරුව සභාපතිනිය විසින් සියලු නිලධාරීන් අමතමින් විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.