2024 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹෙයි.

රණවිරු සේවා අධිකාරියේ 2024 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරැඹීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් 2024 ජනවාරි මස 01 වන සදුදා දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී සංවිධානය කරන ලදී.

මෙහිදී රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන ස්ථිර සහ අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීමේ විශේෂ වැඩසටහනක් එහි වැඩබලන සභාපතිනිය සෝනියා කෝට්ටේගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රණවිරුවන් ඇතුළු දේශයේ ස්වෛරීය භාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සැමරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් රාජ්‍ය ප්‍රතිඥාව සහ දිවුරුම් දීම සිදු කිරීම කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිතුමිය විසින් 2024 නව වසර සඳහා රජය විසින් හදුන්වා දී ඇති රාජ්‍ය ප්‍රතිපත්තීන් හා වැඩපිළිවෙළ පිළිබඳ සහ එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයාගේ දායකත්වය පිළිබඳව ආයතනයේ කාර්ය මණ්ඩල සේවකයන් අභිප්‍රේරණය කරමින් කෙටි දේශනයක් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සම්බන්ධ විය.