රණවිරු සේවා අධිකාරියේ නව සභාපති රාජකාරී අරඹයි.

රණවිරු සේවා අධිකාරියේ 11 වන සභාපති ලෙස බ්‍රිගේඩියර් සෙනරත් කොහොන (විශ්‍රාමික) මහතා පත් කර ඇත.

නව සභාපතිතුමන් රණවිරු සේවා අධිකාරියේ සභාපති ධූරයේ වැඩ ඇරඹීම 2024 නොවැම්බර් මස 27 වන බදාදා දිනයේ දී සිදුකරන ලදී.

බෞද්ධ ආගමික වතාවන් වලට මුල්තැන දෙමින් රාජකාරි ඇරඹීමෙන් අනතුරුව සභාපතිතුමන් සියලු නිලධාරින් අමතමින් විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා උප සභාපතිතුමා, අධ්‍යක්ෂතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වන ලදී.