රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය සමාලෝචන සඳහා ආරක්ෂක නියෝජ්‍ය ඇමති තුමා පැමිණෙයි.
රණවිරු සේවා අධිකාරියේ වර්තමාන කටයුතු අධීක්ෂණ කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ රණවිරුවන් බලගැන්වීම පිණිස වන ඉදිරි කටයුතු සැලසුම්කිරීමේ අරමුණින් නව රජයේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරල් කේ පී අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc මහතා 2024 දෙසැම්බර් මස 17 වන දින රණවිරු සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලය වෙත නිල සංචාරයක නිරත විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් සෙනරත් කොහොන (විශ්‍රාමික) විසින් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමන්ව පිළිගනු ලැබී මෙන් අනතුරුව රණවිරු සේවා අධිකාරියේ විධායක කාර්යය මණ්ඩලය සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. එහි දී රණවිරු සේවා අධිකාරියේ ප්‍රගතිය, ඉදිරි දැක්ම හා රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදු කිරීමට නියමිත ක්‍රියාකාරකම් පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරන ලදී.
තවද රණවිරු සේවා අධිකාරියේ සියළු කාර්යය මණ්ඩලය අමතා රණක්ෂිතයට පත් රණවිරුවන් හට සහ ඔවුන්ගේ යැපෙන්නන් හට ගුණාත්මක පලදායි සේවාවක් ලබාදීම සඳහා කටයුතු කිරීම රණවිරු සේවා අධිකාරියෙහි වගකීම වන බව පැහැදිලි කරන ලදී.