බස්නාහිර පළාතට රණවිරු ජංගම සේවයක්......

රණවිරු සේවා අධිකාරිය මගින් 2020 වසරේ වැඩසටහන් සැලසුම අරමුණු කර ගනිමින් ලංකාව පුරා පිහිටුවා ඇති රණවිරු සංසදයන්හි සමාජිකයන්ගේ අවශ්‍යතා සොයා බලා ඊට කඩිනම් පිළියම් යෙදීම පිණිස සංවිධානය කල රණවිරු ජංගම සේවා වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩසටහන 2020 සැප්තැම්බර් මස 22 වන දින රණවිරු සේවා අධිකාරිය පරිශ්‍රයේ දී පවත්වන ලදි. සභාපතිතුමාගේ උපදෙස් අනුව අධ්‍යක්ෂ තුමාගේ අධීක්ෂණය මත රණවිරු සේවා අධිකාරියේ බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ධම්මිකා ෂෙල්ටන් මහත්මියගේ මෙහෙයවීමෙන් කොළඹ දිස්ත්‍රික් නිළධාරිනී නයනි දාබරේ මහත්මිය විසින් ජංගම සේවය සංවිධානය කරන ලදී. රණවිරු පවුල් වල අවශ්‍යතා සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිම පිණිස දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වය වෙනුවෙන් සටන් වැදි සිය ශරිරාංග පුද කල රණවිරුවෙකු වෙනුවෙන් එම අවස්ථාවේ කළ ඉල්ලීමකට අනුව සුදු සැරයටියක්ද ප්‍රදානය කරන ලදී. මෙම වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා, අධ්‍යක්ෂක තුමා ඇතුලු කාර්ය්‍ය මණ්ඩලය, රණවිරු සෙවණ, වැටුප් හා ලේඛන අධ්‍යක්ෂ මණ්ඩලය, නිවාස සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි නියෝජිත නිලධාරීන් සහාභාගී වන ලදී.