2025 නව වසරේ රාජකාරි කටයුතු ඇරඹෙයි.
රණවිරු සේවා අධිකාරියේ 2025 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරඹීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් 2025 ජනවාරි මස 01 බදාදා දින රණවිරු සේවා අධිකාරියේ පවත්වන ලදී.
මෙහිදී රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන ස්ථිර සහ අනුයුක්ත කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් සහ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීමේ විශේෂ වැඩසටහනක් එහි සභාපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) සෙනරත් කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රණවිරුවන් ඇතුළු දේශයේ ස්වෛරීය භාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි කැප කළ සියලුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් සිහිපත් කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී. ඉන් අනතුරුව රාජ්‍ය ප්‍රතිඥාව සහ දිවුරුම් දීම සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිතුමා, අධ්යක්ෂතුමා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සහභාගී වන ලදී.