2025 සිංහල දමිල අලුත් අවුරුදු උදාව සංකේතාත්මකව සමරයි.
2025 සිංහල දමිල අලුත් අවුරුදු උදාව සංකේතාත්මකව සැමරීමේ සම්ප්‍රදායික චාම් උත්සවයක් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් සෙනරත් කොහොන (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් 2025 අප්‍රේල් මස 21 වන දින රණවිරු සේවා අධිකාරි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
නව අවුරුදු උදාව සමරනු වස් රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලය විසින් පිළියෙළ කරනු ලැබූ නව අවුරුදු කෑම මේසයක් සියලුම දෙනාහට සංකේතාත්මකව පිළිගැන්වීමට ද කටයුතු කරන ලදී.