ජාතික සැමරුම උත්කර්ෂවත් අයුරින් සමරයි.
ශ්‍රී ලංකාවේ ස්වේරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම උදෙසා අතීතයේ සිට වර්තමානය දක්වා ජීව දානය සහ කාය දානය ලබා දී මව්බිම රැක ගැනීම උදෙසා ඇපකැපවුනු විරුවන් සිහිකිරීම පිණිස වන ජාතික රණවිරු සැමරුම් උත්සවය 2025 මැයි මස 19 දින පස්වරු 0400 පැයේ සිට පස්වරු 0600 පැයේ දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකයේ දී පැවැත්විණි.
මෙම උත්සවය සන්නද්ධ සේනාධිනායක සහ ගරු ජනාධිපති, අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත් වූ අතර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ඇතුළුව රට දැය වෙනුවෙන් තම උත්තරීතර ජීවිතය කැපකල රණවිරුවන්ගේ ලඟම ඥාතීන්, දේශයේ නිදහස වෙනුවෙන් තම ශරීරාංග පුදකල ආබාධ සහිත රණවිරුවන්, ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා සහ ජාතික ශිෂ්‍ය භඨ බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ශිෂ්‍ය භඨයින් ද ඇතුළුව සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති ඇතුළු රණවිරු සේවා අධිකාරියේ සියලු කාර්යය මණ්ඩලය විසින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය මත ආරක්ෂක අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මෙම ජාතික සැමරුම් වැඩසටහන සංවිධානය කරන ලදී.