පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරි හමුව.
පුත්තලම දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරි හමුව 2025 මැයි මස 27 වන දින හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී සහ කෑගල්ල දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරි හමුව 2025 මැයි මස 29 වන දින කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී ඉතාමත් ක්‍රමවත් සහ මනා පෙලගැස්වීමෙන් යුතුව පවත්වන ලදී.
එම අවස්ථාවේ දී රණවිරුවන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සහ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙත ආබාධිත උපකරණ බෙදා දීම නිල වශයෙන් සිදුකරන ලදී. ආබාධිත රණවිරුවන් හට රණවිරු සේවා අධිකාරිය වෙතින් ඔවුන් ජීවත්වන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි රණවිරුවන් සමීපයටම ගොස් මෙම ආබාධිත උපකරණ බෙදා දීම රණවිරුවන්ගේ අගයකිරීමට ලක්විය.
ඉදිරියේදීත් මෙම ආබාධිත උපකරණ සියළු ආබාධිත රණවිරුවන් ජීවත්වන දිස්ත්‍රික්ක වෙත ගොස් රණවිරු සංසද හරහා බෙදාදීමට රණවිරු සේවා අධිකාරිය විසින් සැලසුම් කර ඇත.
පුත්තලම දිස්ත්‍රික් රණවිරු සංසද වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍ය ගමගේ මහතා, පසුඋවටැන් අංශ භාර නිලධාරි, විෂය භාර නිලධාරින්, රණවිරු සංසද 11 ක්, සංසද නිලධාරින් 60 ක් සහ රාජ්‍ය නිලධාරින් 06 ක් සහභාගී වන ලද අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසද වැඩසටහන සඳහා කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිසාපතිතුමිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍ය ගමගේ මහතා, පසුඋවටැන් අංශ භාර නිලධාරි, විෂය භාර නිලධාරින්, රණවිරු සංසද 11 ක්, සංසද නිලධාරින් 55 ක් සහ රාජ්‍ය නිලධාරින් 11 ක් සහභාගි වන ලදී.