රණවිරු සේවා අධිකාරිය විසින් පවත්වන ලද පොසොන් දන්සල.

පොසොන් පොහොයට සමගාමීව රණවිරු සේවා අධිකාරිය මගින් 2025 ජූනි මස 12 වන දින සීනි සම්බල් බනිස් සමඟ තේ පැන් දන්සැලක් රණවිරු සේවා අධිකාරිය ඉදිරිපිට දී පවත්වන ලදී.

හුදෙක් ජනයාගේ සිත සුව පිණිස සහ විඩාව මහන්සිය සංසිදවීම වස් රණවිරු සේවා අධිකාරිය වෙතින් කරන ලද මෙම මහඟු කටයුත්ත වෙනුවෙන් විශාල ජන සමූහයක් සහභාගී වන ලදී.

මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා ඇතුළු සියළු කාර්ය මණ්ඩලයේ නොමසුරු දායකත්වය ලබාදෙන ලදී.