ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් රණවිරු සංසද හමුව.
ගාල්ල දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 ජූනි මස 17 වන දින ගාල්ල නගර සභා ශ්‍රවනාගාරයේ දී, මාතර දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 ජූනි මස 18 වන දින මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී සහ හම්බන්තොට දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 ජූනි මස 19 වන දින හම්බන්තොට පරිපාලන පරිශ්‍රයේ නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
2025 වසර සඳහා පත්වූ රණවිරු සංසද නිලධාරින්ගේ හා රණවිරු ප්‍රජාවේ වත්මන් ගැටලු සහ අභියෝග හදුනාගැනීම, රණවිරු සේවා අධිකාරියේ ආනාගත කාර්යයන් පෙලගැස්වීම සඳහා සංසද නිළධාරීන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම, ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සිටින රණවිරු විෂයභාර නිළධාරීන් හා සංසදවල සහසම්බන්ධය ඇතිකිරීම, රණවිරු සේවා අධිකාරියේ වත්මන් දිශානතිය හා ඉදිරි සැලසුම් පිලිබදව සංසද දැනුවත් කිරීම යන කරුණු සාකච්ඡා කරන ලදී.
ඒ අනුව රණවිරු සංසද කිසිදු දේශපාලන නැඹුරුවකින් තොරව හා රණවිරු අභිමථාර්ථ මුදුන් පත් කිරීම උදෙසා ක්‍රියාකල යුතු බවනව වසර සඳහා තේරී පත්වූ රණවිරු සංසද නිලධාරින් දැනුවත් කරනු ලැබූ අතර, කිසිදු අපහසුතාවයකට රණවිරු සාමාජිකයින් පත්නොකොට එම සාමාජිකයින් වෙතටම ගොස් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට කටයුතු සිදුකල යුතු බව දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාවන් හිදී රණවිරු සංසද මඩුල්ල ඇමතූ සභාපතිවරයා රණවිරුවන් හදුන්වා දෙනු ලැබුවේ ජාතියේ ගෞරවාදරයට පත් මෙරට සිටින උත්තරීතරම මිනිසුන් පිරිස ලෙසයි. එම උත්තරීත්වය සුරැකෙන පරිදි හා විනයගරුක ගෞරවනීය රණවිරුවන් සේ කටයුතු කිරීම සෑම රණවිරුවෙකුගේම වගකීමක් බවද අවධාරණය කරන ලදී. එමෙන්ම විවිධ රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය ආයතන වෙතට යෑමේදී එම ආයතනවල රාජකාරියේ නිරත රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවයද ආරක්ෂා වන පරිදි ක්‍රියා කලයුතු ආකාරය පිළිබඳ හා එහි වැදගත්කමද පැහැදිලි කරන ලදී.
තවදුරටත් රණවිරුවන් හා යැපෙන්නන් ඇමතූ සභාපතිවරයා රණවිරුවන් යනු යැපුම් මානසිකත්වයෙන් පමණක් ජීවත්විය යුතු පිරිසක් නොවන බැවින් එම රණවිරුවා ස්වයංව බලගැන්වීමේ විවිධ වැඩසටහන් සහ ව්‍යවසායකයින් දිරිගැන්වීමේ වැඩසටහන් මෙන්ම එම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද වෙලදපොල හදුන්වා දීමේ වැඩසටහන් නුදුරේදී ක්‍රියාත්මක වන බවද වටහා දෙන ලදී.
තවද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් රැස්වීම් වෙත සම්බන්ධ කර ගැනීමටත්, උපදේශන වැඩසටහන් මගින් සංසද සාමාජිකයින් ගේ අවශ්‍යතා ඉටුකිරීමේදී එම අංශයේ සහයෝගය ලබා ගැනීමටත් දැනුවත් කරන ලදී.
තවද, රැස්වීම් අවස්ථාවන්හිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු ක්‍ෂේත්‍ර වැඩසටහන් නිලධාරීන්ගේ සහ මනෝ උපදේශක හා කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ විදාතා මධ්‍යස්ථානයේ සහයෝගය ලබාගෙන සංසද සාමාජිකයින් බලාත්මක කිරීමේ වැඩසටහන් පැවැත්වීමට ද දැනුවත් කරන ලදී.
ගාල්ල දිස්ත්‍රික් රණවිරු සංසද වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේ.පී.පී. කරුණානායක මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ලහිරු රාජනායක මහත්මිය, හමුදා සම්බන්ධීකාරක නිලධාරි ලුතිනන් කර්නල් ඒ.එන්. මොහොමඩ් මහතා, විෂය භාර නිලධාරින්, රණවිරු සංසද 19 ක නිලධාරින් 65 ක් සහ රාජ්‍ය නිලධාරින් 19 ක් සහභාගී වන ලදී.
මාතර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ලහිරු රාජනායක මහත්මිය විෂය භාර නිලධාරින්, රණවිරු සංසද 16 ක නිලධාරින් 64 ක් සහභාගි වන ලදී.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රණවිරු සංසද වැඩසටහන සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමා වෙනුවෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම් එම්.කේ.ඒ. අංජලා අමාලි මහත්මිය, සහාකාර පොලිස් අධිකාරි ආර්.ඒ. පෙරේරා මහතා හා පොලිස් නිළධාරින්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය රණවිරු විෂයභාර නිලධාරීන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ලහිරු රාජනායක මහත්මිය, හමුදා සම්බන්ධීකාරක නිලධාරි ලුතිනන් කර්නල් ඒ.එන්. මොහොමඩ් මහතා, රණවිරු සංසද 12 ක නිලධාරින් 57 ක් සහ රාජ්‍ය නිලධාරින් 15 ක් සහභාගී වන ලදී.