රණවිරු ව්‍යවසායකයින්ගේ නව නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් ව්‍යවසායකත්ව ප්‍රවර්ධන වැඩසටහනක්.
රණවිරු සේවා අධිකාරියේ සංකල්පයක් මත යුද්ධයේ දී ආබාධිතවූ සහ ජීවිතක්ෂයට පත් රණක්ෂිතයටපත් රණවිරුවන් හා රණවිරු පවුල් සාමාජිකයින් විසින් සිදු කරනු ලබන නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපලට හඳුන්දීමේ වැඩසටහන් අදියර දෙකක් යටතේ රණවිරු සේවා අධිකාරි කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. ඒ අනුව අදියර 1 යටතේ රණවිරුවන් විසින් හදුන්වාදෙනු ලබන නිෂ්පාදන 2025 ජූනි මස 25 දින සහ අදියර 2 යටතේ 2025 ජූලි මස 03 යන දෙදින මෙම නිෂ්පාදන හදුන්වා දීම සිදුකරන ලදී.
මෙහි ප්‍රධාන අරමුණු වනුයේ මෙම ආබාධිතව හා ජීවිතක්ෂයට පත් වූ රණවිරුවන්ගේ ලඟම ඥාතීන් විසින් සිදුකරනු ලබන නිෂ්පාදන ජාත්‍යන්තර වෙලඳපොලට හඳුන්වා දීම මෙන්ම මෙරට අපනයන ආර්ථිකය සවිබල ගැන්වීම සහ වැඩි ප්‍රතිලාභ අත් කරගත හැකි නිශ්පාදන තුලින් මෙරටට විදේශ විනිමය උපයා ගැනීම ද වේ.
එමෙන්ම මෙම රණවිරු ව්‍යවසායකයින් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙම නිශ්පාදන මෙරට විවෘත වෙළඳපොලට හදුන්වාදෙමින් නුදුරේදීම රණවිරු සේවා අධිකාරි කාර්යාල පරිශ්‍රය තුල ප්‍රදර්ශන වෙළඳ කුටියක් ස්ථාපිත කිරීමට ද කටයුතු ආරම්භ කොට ඇත.
මෙම වැඩසටහන සඳහා චීන ශ්‍රීලංකා මිත්‍රත්ව සංසදයේ සභාපති හර්බි සිල්වා මහතා, කුඩාකර්මාන්ත සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොහාන් දෙල්ගොඩ මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා නිපුනි මුණසිංහ මහත්මිය, රණවිරු සේවා අධිකාරියේ සභාපති, උප සභාපති, අධ්‍යක්ෂ, රණවිරුවන්, රණවිරු ඥාතීන් ඇතුලු නව ව්‍යවසායකයින් 130 කට අධික පිරිසක් සහභාගී වන ලදී. ඔවුන් අතරින් රණවිරුවන් දාහත් (17) දෙනෙකුගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොල හඳුන්වාදීම සඳහා චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් තෝරා ගන්නා ලදී. එම නිශ්පාදන තවදුරටත් වැඩි දියුණු කරමින් සහ ජාත්‍යන්තර වෙළඳපොලට ගැලපෙන පරිදි ඇසුරුම්කරන කිරීම කුඩාකර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු කිරීම නුදුරේ ආරම්භ වනු ඇත. එම ඉලක්ක සපුරා ගැනීමෙන් පසු ආරම්භක ආනනයක් ලෙස මෙම විරු නිෂ්පාදන චීනය වෙත අපනයනය කිරීමට අවකාශ සැලසීමට චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් එකඟතාවය පලකර ඇත.