කුරුණෑගල දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරි හමුව.
කුරුණෑගල දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරි හමුව 2025 ජූලි මස 17 වන දින වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
රණවිරුවන් සිදුකරන ලද අතිමහත් කැපවීම වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් කොට්ඨාශගත රණවිරු සංසද සාමාජිකයින් ඒකරාශී කොටගන ඔවුන්ගේ ගැටළු නිරාකරණය කිරීමට මාස 03 කට වරක් දිසාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට සංවිධානය කරන ලෙසට දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරි හට දැනුම්දුන් අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා රණවිරු කටයුතු වෙනුවෙන් විෂය භාර නිලධාරිවරයෙකු හෝ නිලධාරිවරියක් පත් කිරීමට අදාල කටයුතු සලසා දෙන බවත්, පළාත් අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන විසින් මානව සමාජ වැඩසටහන්, කළමනාකරණ වැඩසටහන් සඳහා ප්‍රමුඛතාවය, අවශ්‍ය දිරි ගැන්වීම සහ වරප්‍රසාද ලබා දීමට හැකි සෑම උත්සහායක් ගන්නා බවට දිසාපතිතුමන් විසින් ප්‍රකාශ කරන ලදී. 2025 වර්ෂයේ සංසද නිලධාරීන් සදහා රණවිරු සේවා අධිකාරියේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීම හා රණවිරු සංසද සාමාජිකයන්ගේ පවතින ගැටළු හදුනා ගැනීම රණවිරු සංසද සාකච්ඡාවේ ප්‍රධාන අරමුණු ලෙස සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා කුරුණෑගල දිසාපති චන්දන දිසානායක මහතා, අතිරේක දිසාපතිතුමා, වයඹ පළාත් ඉඩම් කොමසාරිස්තුමා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් විෂය භාර නිලධාරින්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, හමුදා සම්බන්ධීකාරක නිලධාරි, කුරුණෑගල දිස්ත්‍රික් නිලධාරි, රණවිරු විෂය භාර නිලධාරින්, පොලිස් නිලධාරීන් සහ රණවිරු සංසද 30 අයත් සාමාජිකයන් 210, රාජ්‍ය නිලධාරීන් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා උසස් මට්ටමින් පවත්වන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් අත්වාරු යුගල් 11 ක් බෙදාදීමක්ද සිදුකෙරිණි.