අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික් රණවිරු සංසද හමුව.
අනුරාධපුර දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 ජූලි මස 22 වන දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේ දී, පොළොන්නරුව දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 ජූලි මස 23 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභීරු ශාලාවේදී සහ අම්පාර දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 ජූලි මස 24 වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
කුරිරු ත්‍රස්තවාදය නිම වී වසර දාහතක් ගෙවී ගිය ද රණවිරු ගම්මාන වල මෙතෙක් නොවිස දී ඇති මාර්ග ඉදිනොවීම, ආරක්ෂිත අලි වැට නොමැතිවීම, ඉඩම් ඔප්පු නොමැතිවීම ආදි ගැටළු රැසක් මෙහි දි සාකච්ඡා කෙරිණි.
රණවිරු සේවා අධිකාරිය හරහා විසදිය හැකි ප්‍රශ්න සඳහා එම මොහොතේම විසඳුම් ලබා දුන් අතර, අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් ලබාගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරින් විසින් පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.
රටේ උත්තරීතර වූත්, ගෞරවාන්විත නිදහසක උරුමකරුවන් සමීපයට පැමිණ අවශ්‍ය සේවාවන් ලබාදීමට හැකිවීම සම්බන්ධව තමන් සතුටු වන බව ද, ඔවුන්ගේ ඉදිරි යහපත වෙනුවෙන් පෙනී සිටින බවට ද රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා මෙහි දි පවසා සිටින ලදී. මින් ඉදිරියට රණවිරු සේවා අධිකාරිය ක්‍රියාකරනු ලබන්නේ “නිවසේ සිටින රණවිරුවාට ඔහු නිවසේ සිටියදීම, රණවිරු සේවා අධිකාරිය ධනාත්මකව දැනිය යුතුයි” යන සංකල්පය වන බව මෙම අවස්ථාවන් වලදී සභාපතිවරයා පෙන්වා දෙන ලදී.
රණවිරු ප්‍රජාවගේ හඳුනාගත් ගැටලු සඳහා රණවිරු සේවා අධිකාරිය හරහා මෙන්ම අනෙකුත් රාජ්‍ය සම්බන්ධිත ආයතන උපකාරයෙන් විසඳුම් ලබාදීම හා ඉදිරියේදී රණවිරු සේවා අධිකාරිය ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව ද පැමිණ සිටි පිරිස හා රාජ්‍ය ආයතන ප්‍රධානින් දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාවේ දී 2025 වර්ෂය වෙනුවෙන් ආබාධිත විශ්‍රාමික රණවිරුවන් වෙත අත්වාරු යුගල් පිරිනැමීමක් ද, විරුසර වරප්‍රසාද කාඩ්පත් පිරිනැමීමක් හා පසුගිය දිනක පවත්වන්නට යෙදුණු රණවිරු දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවෙහි සහතික පත්‍ර ප්‍රධානයක් ද මෙහිදී සිදු කරන ලදී.
අනුරාධපුර දිස්ත්‍රික් රණවිරු සංසද වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍ය ගමගේ මහතා, හමුදා සම්බන්ධීකාරක නිලධාරි ලුතිනන් කර්නල් ඒ.එන්. මොහොමඩ් මහතා, පුනරුත්ථාපන හා ආබාධිත සහායක උපකරණ අංශයේ මේජර් වසන්ත කුමාර මහතා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් නිලධාරීන්, අනුරාධපුර දිස්ත්‍රික් රණවිරු සේවා අධිකාරි කාර්යාලයේ නිලධාරීන් රණවිරු සංසද 22 ක නිලධාරින් 128 ක් සහ රාජ්‍ය නිලධාරින් 20 ක් සහභාගී වන ලදී.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණවිරු සංසද වැඩසටහන සඳහා පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් හා දිසාපතිතුමන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍ය ගමගේ මහතා, හමුදා සම්බන්ධීකාරක නිලධාරි ලුතිනන් කර්නල් ඒ.එන්. මොහොමඩ් මහතා, පුනරුත්ථාපන හා ආබාධිත සහායක උපකරණ අංශයේ මේජර් වසන්ත කුමාර මහතා, රණවිරු සංසද 8 ක නිලධාරින් 24 ක් සහභාගි වන ලදී.
අම්පාර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමා, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් සුභසාධක කොට්ඨාශයෙන් පොලිස් නිලධාරිවරුන් රණවිරු සේවා අධිකාරියේ සභාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍ය ගමගේ මහතා, හමුදා සම්බන්ධීකාරක නිලධාරි ලුතිනන් කර්නල් ඒ.එන්. මොහොමඩ් මහතා, රණවිරු සංසද 11 ක නිලධාරින් 100 ක් සහ රාජ්‍ය නිලධාරින් 25 ක් සහභාගී වන ලදී.