“විරුලිය” කාන්තා සවිබලකරන වැඩසටහන - පොළොන්නරුව දිස්ත්‍රික්කය.

රණවිරු සේවා අධිකාරිය විසින් දිවිපිදූ රණවිරුවන්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ භාර්‍යාවන්, මව්වරුන්, දියණිවරුන් උදෙසා පවත්වන “විරුලිය” කාන්තා සවිබලකරන වැඩසටහන් මාලාවේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩමුලුව 2025/08/13 දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය අභීරු ශ්‍රවනාගාරයේ දී විරුලියන් 92 කුගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.

මේ සදහා පොළොන්නරුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ හෙද නිළධාරීනි HMLP කරුණාරත්න මහත්මිය, දිස්ත්‍රික් මනෝ සමාජී නිලධාරී ප්‍රදීප් කොස්වත්ත මහතා සහ පොළොන්නරුව පොලිස් ළමා හා කන්තා අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක W. සංජීවනී මහත්මිය සම්පත්දායකත්වය ලබාදෙන ලදී. වැඩසටහන මෙහෙයවීම රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ළහිරු රුක්සලා රාජනායක මහත්මිය හා පොළොන්නරුව දිස්ත්‍රික් නිලධාරී කසුන් චතුරංග මහතා විසින් සිදුකරන ලදී.

මෙහිදී කාන්තාවන්ගේ කායික යහපැවැත්ම වැඩිදියුණු කරගන්නේ කෙසේද හා කාන්තා රෝග පිලිබදව දැනුවත්කිරීම, මානසික ආතතියෙන් තොර ජීවිතයක් සදහා මනෝවිද්‍යාත්මක මගපෙන්වීම, සහ වත්මන් සමාජයේ කාන්තාවන් මුහුණ දෙන සාමාජීය ගැටලු සදහා නීතිමය සහාය යන මාතෘකා ආවරය කරමින් දැනුවත් කිරීම් සිදුවිය.

එසේම 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත දක්ෂතා එළිදැක්වීමේ උළෙල සදහා ඉදිරිපත්වන විරුලියන්ගේ දක්ෂතා හදුනාගෙන වර්ගීකරනය කිරීම හා දක්ෂතා එළිදැක්වීමේ උළෙල පැවැත්වීමට අදහස්කරන ආකාරය පිළිබදව පැහැදිලි කරදීම සිදුවිය. වැඩසටහන අතරතුර විරුලියන් විසින් සිය ගායන දක්ෂතා ඉදිරිපත් කරමින් වැඩමුළුව රසගැන්වීමද සිදුවිය.