මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් රණවිරු සංසද හමුව.

මාතලේ දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 අගෝස්තු මස 19 වන දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල “වීර පුරන්අප්පු” ශ්‍රවනාගාරයේ දීද, මහනුවර දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 අගෝස්තු මස 20 වන දින මහනුවර පොලිස් ශ්‍රවණාගාරයේ දී සහ නුවරඑළිය දිස්ත්‍රික් රණවිරු සංසද හමුව 2025 අගෝස්තු මස 21 වන දින නුවරඑළිය දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

මාතලේ දිස්ත්‍රික් රණවිරු සංසද හමුව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබූ අතර ඒ සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් හා දිසාපතිතුමන් වන ප්‍රසන්න මදනායක මැතිතුමා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් එෆ්.ආර්.එම්. රියාල්දීන් මැතිණිය, සහකාර පොලිස් අධිකාරි තෙන්නකෝන් මහතා ඇතුළුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 9ක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. ප්‍රශ්න හා ගැටලු සාකච්ඡාව සිදු කිරීම මෙන්ම මාතලේ අළුවිහාරේ රණවිරු ගම්මානයට ප්‍රවිෂ්ඨ මාර්ගය නැවත අළුත්වැඩියා කිරීම දිස්ත්‍රික්කයේ වෙසෙන රණවිරු දුවාදරුවන් සදහා යෝග්‍ය විදේශ රැකියා ව්‍යාපෘති, නව රැකියා උත්පාදනය හා කෘෂි ව්‍යාපෘති අවස්ථාවන් පිළිබඳ දිස්ත්‍රික් ලේකම් තුමන් විසින් හරවත් දැනුවත් කිරීමක් ද සිදුකලේය. ඉදිරිපත් වූ ගැටළු පිළිබඳව සභාපතිතුමා විසින් දිස්ත්‍රික් ලේකම් හා දිසාපති තුමන් වෙතින් කල ඉල්ලීමකට ක්‍ෂනික ප්‍රතිචාර දක්වමින් මාතලේ අළුවිහාර රණවිරු ගම්මානයට ඇති ප්‍රවිශ්ඨ මාර්ගය කොන්ක්‍රීට් යොදා සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කිරීම පිණිස එකඟතාවය පලකොට එම මොහොතේම ඒ පිළිබඳ වන මුදල් වෙන් කිරීමේ කටයුතු අදාල කාර්යය මණ්ඩලය හා එක්ව අවසන් කරන ලදී.

මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍ය ගමගේ මහතා, හමුදා සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ඒඑන් මොහොමඩ් මහතා, වෛද්‍ය ආධාර හා පසුඋවටැන් අංශයේ අංශ භාර නිලධාරි මේජර් වසන්ත කුමාර මහතා ද සහභාගි වූ අතර මෙහිදී ආබාධිත රණවිරුවන් සදහා ආබාධිත උපකරණ ප්‍රධානයක් ද සිදුකරන ලදී.

මහනුවර දිස්ත්‍රික් රණවිරු සංසද හමුව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ 2025 වර්ෂයේ තේරී පත් වූ නිළධාරීන් සදහා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම, සංසද නිළධාරීන්ගේ ගැටලු, අදහස් හා යෝජනා සාකච්ඡාවට ලක් කරන ලදී. මේ සදහා රණවිරු සංසද නිළධාරීන් හා ළඟම ඥාතීන් 100ක පමණ පිරිසකගේ හා මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හී රාජ්‍ය නිළධාරීන් 18 දෙනෙකු සහ මහනුවර ප්‍රජා පොලිස් ස්ථානාධිපති (කොට්ඨාශ) එස්එම්එස්ඩී සේනානායක මහතාගේ ද සහභාගීත්වයෙන් වැඩසටහන සාර්ථක අයුරින් පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍ය ගමගේ මහතා, හමුදා සම්බන්ධීකරණ නිළධාරී ලුතිනන් කර්නල් ඒඑන් මෙහොමඩ් මහතා, වෛද්‍ය ආධාර හා පසුඋවටැන් අංශයේ අංශ භාර නිලධාරි මේජර් වසන්ත ⁣කුමාර මහතාද මේ අවස්ථාවට සම්බන්ධ විය.

නුවරඑළිය දිස්ත්‍රික් රණවිරු සංසද හමුව රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංසද සාමාජික ඇමැතිම හා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සිදුකරන ලදී. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්කාර්යාල නියෝජනය කරමින් රණවිරු විෂය භාර රාජ්‍ය නිළධාරින් සහාභාගි වූ අතර හගුරන්කේත, වලපනේ, අබගමුව කොත්මලේ සහ නුවරඑළිය සංසද නියෝජනය කරමින් සංසද නිලධාරි මණ්ඩලය ඇතුළු සාමාජික සාමාජිකාවන් 75 දෙනෙකු පමණ සහභාගි විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති රණවිරු ප්‍රජාව අමතා හරබර මෙන්ම වඩාත් කාලෝචිත පැහැදිලි කිරීමක් සිදුකරන ලදී. එහිදි රණවිරු අධිකාරියේ ඉදිරි වැඩපිළිවෙල හා ගැටලු සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන ලදී. තවද සභාපතිතුමා විසින් සාමාජිකයින් විසින් අසන ලද ප්‍රශ්න සඳහා පැහැදිලි පිළිතුරු ලබා දෙන ලදී ඉන් අනතුරුව භාග්‍ය ගමගේ මහතා සහ හමුදා සම්බන්ධීකරණ නිලධාරිතුමා සභාව අමතා වැදගත් කරුණු රාශියක් ඉදිරිපත් කල අතර රණවිරුවන් විසින් ඉදිරිපත් කරන ලද වැටුප් ගැටළු සඳහා පිළිතුරු ලබාදෙන ලදී. ශ්‍රී ලංකා පොලිස් රණවිරුවන් වෙනුවෙන් නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා සභාව අමතා ශ්‍රී ලංකා පොලිසියේ ලබා දිය හැකි දායකත්වය පිළිබඳ මෙන්ම වැදගත් යෝජනා රැසක් ද ඉදිරිපත් කරන ලදී. මින් ඉදිරියට දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරි වසමකම පිහිටුවා ඇති “මහජන ආරක්ෂක කමිටු” සඳහා රණවිරු සංසදයන්හි වගකිව යුතු නිලධාරියෙකු පත්කර ගැනීමට කටයුතු සිදුකරන බවද මූලස්ථාන පොලිස් පරීක්ෂක තුමා ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම වැඩසටහනට සහභාගි වූ රණවිරු සංසද සාමාජිකයින් විසින් මෙය ඉතා සාර්ථක වැඩසටහනක් බව ප්‍රකාශ කල අතර මෙහිදී රණවිරු සේවා අධිකාරියේ පළාත් අංශය ඉතා උසස් මට්ටමේ සහයෝගයක් ලබා දෙන ලදී. දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයද මේ වැඩසටහන සාර්ථකව කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් අතර අවශ්‍ය වූ සියළු පරිපාලනමය සේවාවන් 3 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඉතා උසස් මට්ටමින් ඉටුකරන ලදී.