“විරුලිය” කාන්තා සවිබලකරන වැඩසටහන - මහනුවර දිස්ත්‍රික්කය

රණවිරු සේවා අධිකාරිය විසින් දිවිපිදූ රණවිරුවන්ගේ හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ භාර්‍යාවන්, මව්වරුන්, දියණිවරුන් උදෙසා පවත්වන “විරුලිය” කාන්තා සවිබලකරණ වැඩසටහන් මාලාවේ මහනුවර දිස්ත්‍රික් වැඩමුලුව 2025/09/24 වන දින මහනුවර තරුණ බෞද්ධ සංගම් ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත් වුනි. මේ සදහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විරුලියන් 108 දෙනෙක් සහභාගී විය.

මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ වෛද්‍ය අශ්විනී සෙනවිරත්න මහත්මිය, ජ්‍යේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක සංජය හලන්ගොඩ මහතා, පොලිස් සේවාස්ථ පුහුණු කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක රෝහිත චන්ද්‍රලාල් මහතා විසින් සම්පත්දායකත්වය ලබාදෙන ලදී. වැඩසටහන මෙහෙයවීම රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ළහිරු රාජනායක මහත්මිය හා මහනුවර දිස්ත්‍රික් නිලධාරී අරෝෂා කරුණාරත්න මහත්මිය විසින් සිදුකරන ලදී.

මෙහිදී කාන්තාවන්ගේ කායික යහපැවැත්ම වැඩිදියුණු කරගන්නේ කෙසේද හා කාන්තා රෝග පිලිබදව දැනුවත්කිරීම, මානසික ආතතියෙන් තොර ජීවිතයක් සදහා මනෝවිද්‍යාත්මක මගපෙන්වීම, වත්මන් සමාජයේ කාන්තාවන් මුහුණ දෙන සාමාජීය ගැටලු සදහා නීතිමය සහාය යන මාතෘකා ආවරණය කරමින් දැනුවත් කිරීම් සිදුවිය.

එසේම 2025 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත දක්ෂතා එළිදැක්වීමේ උළෙල සදහා ඉදිරිපත්වන විරුලියන්ගේ දක්ෂතා හදුනාගෙන වර්ගීකරණය කිරීම හා දක්ෂතා එළිදැක්වීමේ උළෙල පැවැත්වීමට අදහස් කරන ආකාරය පිළිබදව පැහැදිලි කරදීමත්, අදහස් හා යෝජනා සාකච්ඡා කිරීමත් මෙහිදී සිදුවිය. ඉතා උද්යෝගීමත්ව ගායන හා නර්ථන ප්‍රසාංගික අංගයන් ඉදිරිපත් කිරීම මගින් වැඩමුළුව රසගැන්වීමට විරුලියන් කටයුතු කරන ලදී.