රණවිරු ඩබ්. ජී. ඩබ්.කුමාරසිංහ මහතා කිතුල් ආශ්‍රිතව නිෂ්පාදන රැසක් නිපදවයි...

මව්බිමේ නිවහල් බව වෙනුවෙන් ශරීරාංග පුදකළ රණවිරුවන් දැයේ සංවර්ධනයට දායක කරගැනීමේ අභිලාෂය යටතේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමචන්ද්‍ර මහතාගේ සහ දිස්ත්‍රික් නිලධාරී තනුජා දර්ශනී කුමාරි මහත්මියගේ අධික්ෂණයෙන් යුද්ධයේදී ශරීරංග පුද කල රත්තොට රණවිරු සංසදයේ සභාපති ලෙස කටයුතු කරන රණවිරු ඩබ්. ජී. ඩබ්.කුමාරසිංහ මහතාගේ ස්වයං රැකියාව සම්බන්ධව අධික්ෂණය කරනු ලැබීය. නිෂ්පාදන කිරීම සඳහා අවැසි තාක්ෂණික දැනුම කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගත් රණවිරු ඩබ්. ජී. ඩබ්.කුමාරසිංහ මහතා ස්වයං රැකියාවක් ලෙස කිතුල් ආශ්‍රිතව නිෂ්පාදන රැසක් නිපදවයි. මේ යටතේ කිතුල් හකුරු, කිතුල් හකුරු බෝල, කිතුල් පැණි කැවුම්, කිතුල් සක්කර, කිතුල් පැණි උඳුවැල්, කිතුල් චොකලට්, කිතුල් ටොපි, කිතුල් අයිස් ක්‍රීම්, කිතුල් ලොලි පොප් යන නිෂ්පාදන වෙළදපොළට හදුන්වා දෙමින් නැවුම් වෙනසක් ඇති කරයි. නිෂ්පාදන ක්‍රියාවන් වැඩි දියුණු කර ගැනීම සදහා අවශ්‍ය නූතන තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීමත්, වෙළද පොළට මෙම නිෂ්පාදන වඩ වඩාත් යොමු කිරීම තුළින් මෙම ස්වයං රැකියාව වඩාත් දියුණු කල හැකි බවත් ඒ සදහා අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරන බවත් රණවිරු ඩබ්. ජී. ඩබ්.කුමාරසිංහ මහතා සදහන් කරන ලදි. එමෙන්ම තමන්ට මෙම ස්වයං රැකියාව සදහා නිරතුරු අත්වැල් සැපයු රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ද සිය හෘදයාංගම ස්තූතිය පිරිනමන ලදි.