දකුණු පළාත් රණවිරු හමුව...

මාතෘභූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ජීවිත සහ ශරීරාංග පූජා කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විරෝධාර රණවිරුවන් සහ මියගිය රණවිරු පවුල් වල සාමාජිකයින් හමුවී ඔවුන්ගේ ගැටලු නිරාකරණය කරදීම සඳහා සංවිධානය කෙරුණු දකුණු පළාත් රණවිරු හමුව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ මග පෙන්වීම සහ අධික්ෂණය යටතේ දිස්ත්‍රික් නිළධාරී නුවන් චාලක මහතා සහ දකුණු පළාත් රණවිරු සංසදය මගින් මෙම රණවිරු හමුව 2020.09.30 වන දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි. රණවිරු සේවා අධිකාරියේ විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර රණවිරු පවුල් සාමාජිකයන්ගේ ගැටලු, නිලධාරීන් වෙත යොමු කර විසදුම් ලබා ගැනීමට හැකිවීම පිළිඹඳ රණවිරු පවුල් සාමාජිකයන්ගේ කෘතවේදීත්වය රණවිරු සේවා අධිකාරිය වෙත පුද කරන ලදී. මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමා, අධ්‍යක්ෂතුමා, මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරී චමිදු ශිරාන් මහතා ඇතුළු රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් රැසක් හා නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින්ද නිළධාරීන් සහභාගී වු අතර මුදල් කළමණාකරණය පිළිබදව විශේෂ දේශණයක්ද හැටන් නැෂනල් බැංකුවේ ව්‍යාපාර සංවර්ධන නිළධාරී චතුර කොඩිකාර මහතා විසින් සිදු කරන ලදි. මෙයට සමගාමිව රැක් රෝපණ සිටුවීමේ වැඩසටහනක් හම්බන්තොට දිසාපති ඩබ්ලිව් .එච්. කරුණාරත්න මහතාගේ සහ උප දිසාපති සී.ඒ. සුනෙත් ලෝචන මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ජේ.කේ.ඩි.එස්.කේ.ජයනෙත්ති මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරුණි.