උතුරු මැද පළාතේ රණවිරුන්ට උත්තම පුජා ප්‍රණාම පුද කෙරේ.

මාතෘභූමියේ ස්‍වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් තම ජීවිත හා ශරීරාංග පුද කළ විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හට උත්තම පුජා පදක්කම් ප්‍රදානය කිරීම ගරු ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2020.10.03 වන දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපති (විශ්‍රාමික) මේජර් ජෙනරල් නන්දන සේනාධිර මහතාද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩ බලන පොලිස්පති තුමා ඇතුළු ත්‍රිවිධ හමුදා, පොලීසිය සහ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද සහභාගි විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අවධියේ ආරම්භ කළ මෙම “උත්තම පුජා පදක්කම් ප්‍රදානය කිරීමේ වැඩසටහන” වත්මන් රජයේ “සෞභාග්‍යෙයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුව අර්ථවත් කරමින් වත්මන් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ පුර්ණ අධික්ෂණය යටතේ දිවයින පුරා විසිරී සිටින රණවිරු පවුල් අරභයා මෙම වැඩසටහන් ඉදිරියේදී සිදු කිරීමට සැලසුම් කර ඇති අතර උතුරුමැද පළාත නියෝජනය කරන රණවිරු පවුල් සදහා 2020.10.03 වන දින පදක්කම් ප්‍රදානය සිදු කෙරිණි.