අම්පාර උහන රණවිරු සංසදය මඟින් “සරණ වැඩිහිටි නිවාසයට ” දානමය පිංකමක්...

රණවිරු සේවා අධිකාරියේ අධීක්ෂණය පරිදි අම්පාර දිස්ත්‍රික් නිලධාරී තරනි නිවර්තිකා මෙනවියගේ මෙහෙයවීමෙන් අම්පාර උහන රණවිරු සංසදය මගින් 2020.10.03 දින අම්පාර සරණ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් හතලිස් දෙනෙකු සඳහා දහවල් දානය පිරිනැමීමක් සිදු කෙරිණි. මේ අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් නිළධාරීනිය , උහන රණවිරු සංසදයේ නිළධාරීන්, රටදැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ ලගම ඥාතීන් සහ ක්‍රියාන්විතයේ දී ශරීරාංග පුද කළ ආබාධිත විශ්‍රාමික රණවිරුවන් ඇතුළු පිරිස සහභාගී විය. සරණ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමඟ තුටින් කාලය ගත කිරීම පිළිබදව ඔවුන්ගේ ප්‍රසාදය හිමි වු අතර රණවිරු සේවා අධිකාරියටත්, උහන රණවිරු සංසදයටත් ඔවුන්ගේ ප්‍රශංසාත්මක කෘතවේදීත්වය පිරිනමන ලදි.