ආරක්ෂක අමාත්‍යාංශයෙන් හා චීන තානාපති කාර්යාලයෙන් පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ ඉල්ලීමකට අනුව දිවයින පුරා විසිරී සිටින ශරීරාංග පුද කළ රණවිරුවන් වෙත ලබා දීම සඳහා රණවිරු සේවා අධිකාරියේ පසු උවටැන හා පුනරුත්ථාපන අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන යටතේ ආරක්ෂක අමාත්‍යාංශය, චීන තානාපති කාර්යාලය සහ හුවාවි ටෙක්නොලොජීස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය හා නිරතුරුවම රණවිරු අබාධිත උපකරණ ලබා දීමේදී සුවිශේෂි දායකත්වයක් දක්වන තනුජා විජේසිරි ඩයස් මහත්මිය සමඟ ඇයගේ හිතමිත්‍රාදීන් එක්ව මුල්‍ය පරිත්‍යාගයන් සිදුකරන ලදී.
ඒ අනුව රණවිරු සේවා අධිකාරියේ අනවශ්‍ය වියදම් කපා හැර ඉතිරි කර ගත් මුදල් ද ඇතුළුව මිලියන 20 කට වැඩි වටිනාකමකින් යුතු කෘත්‍රිම පාද 153, විද්‍යුත් ස්වයං ක්‍රියාකාරී කෘත්‍රිම අත් 02, සාමාන්‍ය කෘත්‍රිම අත් 02, සාමාන්‍ය රෝදපුටු 60, ක්‍රියාකාරී රෝදපුටු 40, කොමඩ් රෝදපුටු 25, අත්වාරු 250, කිහිලිකරු යුගල 15, සායනික සපත්තු 20, සුදු සැරයටි 30, උපැස් යුවල 120, ශ්‍රවණාධාර උපකරණ 13 ක් හා විශ්ව විද්‍යාලය සඳහා තේරී ඇති රණවිරු දරුවන් දෙදෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක 02 ක් ද මිල දී ගැනිමෙන් පසු චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක නියෝජිත ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොං මහතා (Senior Colonel Wan Dong) සහ චීන තානාපති කාර්යාලයේ සහකාර ආරක්ෂක නියෝජිත කර්නල් වෑංග් (Colonel Wang) මහතා සහ හුවාවි ටෙක්නොලොජීස් කම්පැනි ලිමිටඩ් ආයතනයේ විධායක අධ්යක්ෂ ලියෑන්ග් යී (Mr. Liang Yi) සහ නියෝජ්‍ය විධායක අධ්යක්ෂ රිකාඩෝ (Mr. Ricardo) යන මහත්වරුන් විසින් රණවිරු සේවා අධිකාරි පරිශ්‍රයේදී 2020.10.23 වන දින නිල වශයෙන් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමා, අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්යමණ්ඩලය සහභාගී විය.