පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්.....

රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ වැඩ සටහන 2020 යටතේ, උතුරුමැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ හා පොළොන්නරුව දිස්ත්‍රික් නිලධාරී කසුන් චතුරංග මහතාගේ සංවිධානයෙන් මානුෂීය මෙහෙයුමේ දී සිය ශරීරාංග පුද කළ රණවිරුවන් 14 දෙනෙකු සඳහා කෘතිම පාද 7ක්ද, රෝද පුටුවක්ද, අත්වාරු යුගලින් 5ක්ද, තනි අත්වාරුවක්ද, 2020.11.12 දින පරිත්‍යාග කරන ලදි.