මාතර දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...

රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන 2020 යටතේ, මාතර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරි එච්. එල්. සී ශීරාන් මහතාගේ සංවිධානයෙන් මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ රණවිරුවන් 17 දෙනෙකු සඳහා අත්වාරු යුගලින් 07 ක්, තනි අත්වාරු 02ක් ද, කෘතිම පාද 05 ක්ද, රෝද පුටු 01 ක් හා සායනික සපත්තු 01 ක් ද, 2020.11.11 දින පරිත්‍යාග කරන ලදි.