රණවිරු දරුවන්ගේ උසස් අධ්‍යාපනයට අත්වැලක්.....
දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් සටන් වැද සිය දිවි පුද කළ රණවිරුවන්ගේ දූදරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා අත්වැලක් වීමට රණවිරු සේවා අධිකාරියේ උසස් අධ්‍යාපන හා ශිෂ්‍යත්ව අංශයේ සම්බන්ධීකරණයෙන් වෛද්‍ය විද්‍යාල සහ විශ්ව විද්‍යාල වරම් ලද රණවිරු දරුවන් පස් දෙනෙක් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර තුනක් හා මාසිකව රු.2,000.00 ක් වටිනා ශිෂ්‍යාධාර දෙකක් 2020.11.19 වන දින රණවිරු සේවා අධිකාරි ශ්‍රවණාගාරයේදී ප්රදානය කරන ලදී.
මෙහිදී පරිත්‍යාග කරන ලද පරිගණක යන්ත්‍ර දෙකක් චීන තානාපති කාර්යාලයෙන් ලද පරිත්‍යාගයෙන් ද, එක් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ ශිෂ්යාධාරයන් සභාපතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් සිදුකරන ලදී.