මධ්‍යම පළාත් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන 2020 යටතේ, මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ මහනුවර දිස්ත්‍රික්කයේ රණවිරුවන් 12 දෙනෙකු සඳහා කෘතිම පාද 4ක්ද, රෝදපුටු 2ක්ද, අත්වාරු යුගලින් 5ක්ද, සුදු සැරයැටියක්ද 2020.11.18 දින පරිත්‍යාග කරන ලදී. තවද මාතලේ දිස්ත්‍රික්කයේ රණවිරුවන් 16 දෙනෙකු සඳහා කෘතිම පාද 5ක්ද, අත්වාරු යුගලින් 7ක්ද, තනි අත්වාරු 3ක්ද, සුදු සැරයැටියක්ද 2020.11.19 දින පරිත්‍යාග කරන ලද අතර නුවර එළිය දිස්ත්‍රික්කයේ රණවිරුවන් 9 දෙනෙකු සඳහා කෘතිම පාද 2ක්ද, අත්වාරු යුගලින් 4ක්ද, කිහිලිකරුවක් ද 2020.11.20 දින පරිත්‍යාග කරන ලදී.
මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ ඩබ්ලිව්. ඩී. හේමචන්ද්‍ර මහතාගේ අධීක්ෂණයෙන් මහනුවර දිස්ත්‍රික් නිලධාරිනි අරෝෂා කරුණාරත්න මහත්මිය හා අජන්තා කුමාරි මෙනවිය විසින් මෙම අවස්ථාවන් සංවිධානය කරන ලදී.